මධ්‍යඹ පළාතේ සෙංකඩගල පුරවරයේ එම්.එම්. සබ්රීන් ලතිෆ් මහතාට සහ එස්.ආර්.එස්. ලතිෆ් මහත්මියට 1959 පෙබරවාරි මස 05 වන දින මොහොමඩ් රුවෙයිස් ලතීෆ් නම් පුතකු දායාද විය. අභිමානවත් පොලිස් නිලදරුවකුවූ තම පියතුමන්ගේ රාජකාරි ස්වභාවය මතම කොළඹ නාගරික පරිසරයේ මාපිය තුරුලේ කෙළිදෙලෙන් ගතකල එම්. ආර්. ලතීෆ් පුතණුවන් අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් කරනු ලැබුවේ දිවයිනේ සුප්‍රකට පාසලක් වූ කොළඹ රාජකීය විද්‍යාලයටය.
අධ්‍යාපන කටයුතුවල ඉතා දක්ෂ ලෙස නියැළෙමින් සිටි එම සිසුවා දඟකාරකම් මෙන්ම නායකත්ව ගුණාංගද පෙන්වීය. එම්. ආර්. ලතීෆ් සිසුවා ඔහු තුළ වූ සහජ කුසලතාවයන් හඳුනාගනිමින් රග්බි, හොකී වැනි ජවයෙන් පිරිපුන් ක්‍රීඩාවන්ද, ක්‍රිකට් ක්‍රීඩාවද තෝරාගත් අතර, පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමද නියෝජනය කරමින් කොළඹ රාජකීය විද්‍යාලයට ජයග්‍රහණ රාශියක් අත්පත් කර දුන්නේය.
1979ක් වූ ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකා පොලිසියට එක්වන්නේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙනි.
1983 ක් වූ මාර්තු මස 01 වන දින විශේෂ ප්‍රහාරක බළකාය ලෙස ආරම්භය සනිටුහන් කළ වත්මන් පොලිස් විශේෂ කාර්ය බළකායට 1984.02.07 වන දින පළමු සාමාජිකයකු වශයෙන් පියවර තබන්නේ වීරෝදාර තරුණ නායකයෙකු ලෙසින් තම රට වෙනුවෙන් යුතුකම් ඉටුකරලීමටය.
සිය ජීවන සහකාරිය ලෙස තෝරාගත් ෂානාස් සන්සුදීන් මෙනෙවිය සමඟ අතිනත බැඳෙන්නේ 1992 ක් වූ මැයි මස 03 වන දිනයේ දීය. 1993 ක් වූ අගෝස්තු මස 10 වන දින මොහොඩම් ෂකීල් අලි ලතීෆ් යනුවෙන් පුත් රුවනක්ද 1998 ක්වූ අගෝස්තු මස 05 වන දින රාබීයා අංජුම් ලතිෆ් යනුවෙන් දූ කුමරියක්ද මෙලොවට දායාද කරන මේ මහා යුග පුරුෂයා මේ වන විට තම රාජකාරි දිවියද පුද්ගලික දිවියද ජයකෙහෙළි නැංවීය.
60 වන ජන්ම දිනය සපුරන මෙතුමන් තම ජීවිතයේ වසර 40කම කාලය කැප කරනුයේ රාජකාරිය වෙනුවෙනි. විශේෂ කාර්ය බළකාය තුළ කඳවුරු අණදෙන නිලධාරී, සේනාංක භාර නිලධාරී, අණදෙන නිලධාරී පුද්ගලික සහකාර, අධ්යක්ෂ ත්‍රස්ත මර්දන, අධ්යක්ෂ ප්‍රභූ ආරක්ෂක යන තනතුරු හොබවමින් එතුමන් සතුව තිබූ අව්‍යාජත්වය හා නායකත්වයේ ගුණාංගද කාර්යශූරත්වයද නිසාම විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ධුරයට පත්වීය.
1985.05.15 වන දින පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලබා එතැන් සිට වසර 3ක් වැනි කෙටි කාලයකින් තමන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් හා කාර්ය ශූරත්වය කෙරෙහි අවධානය යොමු කළ එවකට සිටි විශේෂ කාර්ය බළකායේ ප්‍රධානීන් විසින් 1987.11.01 වන දින ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයට ක්ෂේත්‍ර උසස්වීම් ලබාදෙන ලදී.
සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති ධුරය, හෙබවූ ඔහු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේද රාජකාරි කළේය.
එසේම තායිලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙසද, ප්‍රංශ තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙසද, තායිලන්ත තානාපති කාර්යාලයේ කවුන්සලර්වරයෙකු ලෙසද, කටයුතු කළ ලතීෆ් මහතා විදේශීය බුද්ධි කටයුතු පිළිබඳව අධ්යක්ෂවරයකු ලෙසද රාජකාරි කළේය.
තම රාජකාරි දිනයේදී ලතීෆ් මහතා ජනාධිපති පොලිස් වීරතා, පොලිස් වීරතා, පූර්ණ භූමි, විශිෂ්ට සේවා, ජනාධිපති පදවිප්‍රාප්ති, පොලිස් 125 වන සමැරුම් 50 වැනි නිදහස් ස්වර්ණ ජයන්ති, නැඟෙනහිර මානුෂීය මෙහෙයුම්, ප්‍රථමාධාර, පොලිස් 150 වන සැමරුම් පදක්කම්වලින් ද පිදුම් ලැබීය.
එසේම ජාතික ළමාරක්ෂක අධිකාරිය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම, ජාතික පොලිස් ඇකඩමිය පාලන අධිකාරිය.
ජාතික පොලිස් ඇකඩමිය
සභාපති පොලිස් රගර් ක්‍රීඩා සංගමය, බේස් බෝල් සංගමය, සෙපැක් ට්‍රැක්රෝ සංගමය, උප සභාපති ජාත්‍යන්තර පොලිස් සංගමය, වෛද්‍ය නීති සංගමය, සභාපති කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය, උප සභාපති රාජකීය විද්‍යාලය 1972 කණ්ඩායම යන අධිකාරී හා සංගම්වල විවිධ තනතුරු හෙබවීය.
එමෙන්ම විදේශීය රටවල් සමඟ ඉතා කුළුපග සම්බන්ධතාවයක් ඇතිකර ගනිමින් රගර් ක්‍රීඩාවට අනගි මෙහෙයක් ඉටු කරනු ලැබූ අතර, 2018 වර්ෂයේදී ප්‍රථම වරට කාන්තා රග්බි ක්‍රීඩාව ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දුන්නේය.
අණදෙන නිලධාරීවරයා වශයෙන් මෙතුමාගේ ධුර කාලය විශේෂ කාර්ය බළකායට ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක් විය. ඒ අතර ශ්‍රී ලංකා පොලිසියේ පැරෂුට් භටයෙකු ප්‍රථම වරට සංදර්ශනයකට සහභාගි වෙමින් ශ්‍රී ලංකා පොලිසියට හා විශේෂ කාර්ය බළකායට අභිමානයක් එක් කළේය. ඒ සමගම සංදර්ශන පැවැත්වීමට පැරෂුට් කණ්ඩායමක් ආරම්භ කිරීමත් සිදුවිය.
ආරම්භයේ සිට මේ දක්වාම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එහි මුල්ම සාමාජිකයෙකු ලෙස මෙතුමන් ප්‍රභූ ආරක්ෂාව නඟාසිටුවීමට හා නව්‍යකරණයට ලක්කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කිරීම නිසාම අදටත් රටේ ඉහළම නායකයාගේ සිට සමස්ත ජනතාවගේත් විදේශිකයන්ගේත් පැසසුමට ලක්වී ඇත.
විශේෂයෙන් කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් පොලිස් නිලධාරීන්ගේ දැනුම ඉහළ තලයකට ගෙනඒම සඳහා කටාන ජාතික පොලිස් අධ්‍යාපන ආයතනයට අත්පොත තැබුවේද මෙතුමන්ය.
තම මව්බිමේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියට එක්වූ එම්. ආර්. ලතීෆ් නම් වූ මේ විරෝදාර සෙන්පතියාගේ නාමය ශ්‍රී ලංකා පොලිසිය තුළ සදා අමරණීය වූ නාමයක් ලෙස සනිටුහන් කරන්නට සමත් වූයේ ඔබතුමන් තුළ තිබූ එඩිතර භාවයත්, අවංකත්වය හා දැඩි කැපවීමත් නිසාමය.
මෘදු විය යුතු තැන්හි මෘදු වන්නටත්, දැඩි විය යුතු තැන්හි දැඩි වන්නටත්, ඔබතුමන් කිසිදා නොපැකිලි විය. අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටින්නට ඔබතුමා තුළ වූ ඒ පෞරුෂය ශ්‍රී ලංකා පොලිසියට හා විශේෂ කාර්ය බළකායට ආදර්ශයකි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙකුගේ සියලු ගුණාංග පෙන්වමින් අපට නායකත්වය දුන් අපේ සදාදරණීය නායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මැතිඳුණි වසර 40ක අභිමානවත් සේවයකින් පසුව ඉසිඹු ලබන ඔබතුමාටත්, ඔබතුමාගේ සෙවණැල්ලක් මෙන් සිටින ලතීෆ් මැතිනියටත්, ඔබතුමාගේ දූ දරුවන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.
මෙයට
විශේෂ කාර්ය බළකායේ සියලුම තරාතිරම්වල
නිලධාරීන් සහ නිලධාරිණියන්.
විශේෂ කාර්ය බළකායේ සියලුම තරාතිරම්වල
නිලධාරීන් සහ නිලධාරිණියන්.
ස්තූතියි : දිනමිණ
2 comments:
Congratulations praying for a smooth retirement life
May Almighty Allah's Peace,Mercy,grace,forgiveness,benefits and his love be upon you and your family
Post a Comment